ඔසු උයන පිළිබඳ අදහස අලුත් එකක් නොවේ එය ඈත අතීතයට දිව යයි, වනගතව වැඩ විසූ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයට එකල රජවරුන් පවා ඔසු උයන් ඇති කළ විශිෂ්ට ඉතිහාසයක් ලංකාවට තිබේ. නමුත් අපි ඖෂධ පැළෑටි අලෙවි කිරීම ආරම්භ කරන කාලයේ බොහෝ දෙනා විසිතුරු පැළ වර්ග සිටුවීමට නැඹුරු වී තිබූ අතර ඔසුපැළ සිටුවිමට කැමති අය රටපුරා විසිර සිටියත් ඒ සඳහා පැළ මීලදී ගැනීමට ප්‍රමාණවත් තරම් තැන් නොතිබිණි. 2010 දී අපි සුදු හඳුන් පැල නිෂ්පාදනයෙන් ඉතා සුළුවෙන් ආරම්භ කළ පැළ තවාන පසු කාලීනව දුර්ලභ හා වැඩි අවධානයක් නොදෙන ඖෂධ පැළ නිෂ්පාදනයට යොමු විය.
එසේ ආ ගමන් මගෙහි 2017 දී අපගේ Facebook පිටුව ආරම්භ කිරීමෙන් පසුව, කුරියර් මාර්ගයෙන් අප ඔසු පැළ යැවීම ආරම්භ කිරීමත් සමඟම වෙනත් බොහෝ ශාක වෙනුවට තම ගෙවත්තේ ඖෂධ පැළෑටි හෝ ඖෂධ පැළෑටි වගා කිරීමට කැමත්තක් දැක්වූ අය විශාල ප්‍රමාණයක් පැළ මිලදී ගත් අතර එහිදී විසිතුරු මල්, සිංහල වෙදකම, ඔසු පැළ හඳුනාගනිමු වැනි ජනප්‍රිය Facebook Groups ඔසු පැල සිටුවීමට කැමති රටපුරා විසිර ඇති අය ආකර්ෂණය කර ගැනීමට අපට උපකාරී විය.
2019 අවසානයේ පටන් අපි ඖෂධ පැළෑටි අලෙවි කිරීම සඳහා අපගේ වෙබ් අඩවිය භාවිතා කළ අතර දුර්ලභ ඖෂධ පැළෑටි මිලදී ගැනීමට සොයන අයට අවශ්‍ය දේ මිල දී ගැනීමට සහ වඩාත් සුදුසු පැළ දේ සොයා ගැනීමට එය උපකාරී විය. අප ආ ගමන් මගේ දී අපට ලැබුණු පාරිභෝගිකයින්ගෙ දිරිගැන්වීම් සහ අඛණ්ඩ සහයෝගය සාර්ථකත්වයට හේතු විය. විශේෂයෙන්ම බොහෝ පාරිභෝගිකයින්ගේ යෝජනා සහ අදහස් මත ඇසුරුම්කරණය සහ වෙබ් අඩවිය අද වනවිට යම් මට්ටමකට ගෙන ඒමට හැකිව තිබේ.
2024 වසරේ සිට තෝරාගත් ඖෂධ පැළ වර්ග තොග හා කලින් ලබා දෙන ඇණවුම් ලබා ගැනීම ආරම්භ කරන අතර ඒතුලින් මෙතෙක් කල් පැළ ඔසු පැළ මිල දී අය හා වානිජව ඔසු වගා කිරීමට යොමුවන්නන්ට අපගේ උපකාර ඔබට ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙහිදී අපි 2023 වසරේ හා ඊට පෙර පැළ මිල දී ගත් අපගේ සුවිශේෂී පාරිභෝගිකයින්ගේ ගෙවතු සහ මිලදී ගත් පසු ඔවුන්ගේ අදහස් සහ ඡායාරූප පෙන්වන්නෙමු. ඔබත් අපගේ පාරිභෝගිකයෙකු නම් , ඔබේ ඔසු උයනේ ඡායාරූප අප වෙත Whatsapp මාර්ගයෙන් එවිය හැකි අතර අප හැකි ඉක්මනින් ඔබේ විස්තර මෙයට එක් කරන්නෙමු .